කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලුගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බවත් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් අද රාත්‍රී 10.00 දක්වා මෙම අනාවැකිය වලංගු වන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.