තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේනයක් නිකුත් කර ඇත. අද (24දා) පෙ.ව. 10.30ට නිකුත් කළ මෙම නිවේදනය පැය 24ක් වලංගු වෙයි.
දිවයිනට බස්නාහිර, නිරිත හා උතුරු දෙසින් පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට කොළඹ, මන්නාරම හා කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 ඉහළ යෑමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.