www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජනවාරි 08 වැනිදා පත්වූ යහපාලන ආණ්ඩුව යටතේදී මේ දක්වා කිසිදු පැහැර ගැනීමක්, අතුරුදන් කිරීමක්, රහසේ ඝාතනය කිරීමක් හෝ සුදුවෑන් සංස්කෘතියක් වාර්තා නොවන බව යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ප්‍රගීත් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍ය‘වේදීන්, සාමාන්‍ය ජනතාව පැහැරගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයන් යළිත් රටපුරා භීතියක් වපුරවමින් බලයට ඒමට උත්සාහ දරන බවද ඒ මහතා පවසා සිටියේය.
ඒ මහතාගේ 50 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමේ අවස්ථාව කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැති අවස්ථාවේදී මෙම අදහස් දැක්වීය.
පාඨලී චම්පික රණවක මහතා සමග දේශපාලන හා අනෙකුත් ජාතික කටයුතුවලට සම්බන්ධ වන බොහෝ ස්වාමීන් වහන්සේලා සහභාගීවූ මෙම දානමය පිංකමට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලායේ රතන හිමියෝ සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගී නොවූහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd