ප්‍රකාශ අන්වීක්ෂයේ (optical microscope) විභේදනය (resolution) ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ පර්යේෂකයන් තිදෙනෙකු වෙත රසායන විද්‍යාව වෙනුවෙන් වූ 2014 නොබෙල් ත්‍යාගය හිමිව තිබේ.
එරික් බෙට්සිග්, ස්ටෙෆන් හෙල් සහ විලියම් මෝර්නර් මෙසේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ පර්යේෂකයන් තිදෙනාය.
ඔවුන්ට හිමි ත්‍යාග මුදල වූ ස්ටර්ලිං පවුම් මිලියන 0.7ක මුදල ඔවුන් තිදෙනා අතර බෙදී යනු ඇති බව කියැවෙයි.
ස්වීඩනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත්වූ අතර, 1901 වසරේ සිට රසායන විද්‍යාව සම්බන්ධ විශේෂඥයන් 105 දෙනෙකු අතරින් ඔවුන්ට මෙවර නොබෙල් සම්මානය සඳහා තෝරාගෙන තිබේ.