පිට පිටම දෙවැනි අවස්ථාවටත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (26දාත්) බැඳුම්කර කොමිසම හමුවට පැමිණීමට නොහැකි බව දැන්වීය. ඊයේ (25දා) ඔහුට කැඳවීමක් ලැබුණ අතර ඊයේ දිනයේදී ඔහුට සහභාගිවිය නොහැකි බව දැන්වීය. ඉන් පසුව අද දිනයේදි ඔහුට කැඳවීමක් ලැබුණ අතර අදත් ඔහුට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතිඥවරු මගින් දන්වා ඇත.
අද දිනයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක කවුන්සිල රැස්වීමට එක්වෙන බවත් හෙට හා අනිද්දා පාර්ලිමේන්තු දිනයන් හෙයිනුත් සඳුදා මාලදිවයිනේ සංචාරයකට එක්වෙන හෙයිනුත් බදාදා දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව ඔහු නීතිඥවරු මගින් දන්වා තිබේ.
ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සිදුවූ කාල සීමාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණනායක මහතා කටයුතු කළේය.