විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අනිද්දා (25දා) ප්‍රකාශයක් ලබාගැනීමට බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වෙයි. ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා කටයුතු කරනු ලැබීය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ බැඳුම්කර කොමිසම හරහා සොයා බලයි.