හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහතා හා ඔහුගේ රියදුරු ඝාතනය කිරිම සම්බන්ධයෙන් පැවැති නඩුවේ සැකකරුවන් පස් දෙනා ඊයේ (23දා) නිදහස් කරනු ලැබීය. නාවික හමුදාවේ තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු මෙසේ නිදහස් විය.
නඩුව ඊයේ මධ්‍යම රාත්‍රිය වන තෙක් පැවැතියේය. කොළඹ මහාධිකරණයේ විශේෂ සිංහල ජූරි සභාවක් ඉදිරිපිට නඩුව විභාග කෙරිණි.