මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දින නියමයක් නොමැති යෝජනා යටතේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී අදාළ විශ්වාසභංගය සඳහා දිනයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ අයවැය දෙවැනි වර කියවීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලැබුණ හෙයින් විශ්වාසභංගය මේ වනවිට අහෝසි වී ඇති බවය.
කෙසේ වෙතත් අදාළ කරුණු පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ට දැන්වීය.