රටේ ප්‍රධාන ආහාරය වන බත් සකසාගන්නා වී ගොවිතැනින් ජනතාවට ඉවත්වන ලෙසට මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසන්නේ ඔහුගේ ප්‍රධාන ආහාර වේල වෙන දෙයක් නිසාදැයි ප්‍රශ්නයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
කෘෂිකර්මාන්තය හා ගොවිජනතාව කුඩුපට්ටම් කරමින් අයවැයක් ඉදිරිපත් රටේ ජාතික ආරක්ෂාව බඳු ආහාර සුරක්ෂිතතාවට වර්තමාන ආණ්ඩුව පහරක් එල්ල කර තිබෙන බවත්, මෙම සියලුම දේ පරාජය කිරීමට ගොවි ජනතාව සමග එක්ව කටයුතු කරන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වී ගොවිතැනින් ඉවත්වන ලෙසට රවි කරුණානායක මහතා මාධ්‍ය මගින් ඉල්ලීමක් කර තිබෙන බවයි.