රවි අද බැඳුම්කර කොමිසමට යයි
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා අද (02දා) දින බැඳුම්කර කොමිසම හමුවට පැමිණීමට නියමිතය.
කැබිනට් රැස්වීමට සහභාගි වීමට අවශ්‍ය බව හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ඇති බව පවසමින් මීට පෙර අවස්ථා දෙකකදීම අමාත්‍ය රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිසමට නොපැමිණි අතර අද (02දා) දින අමාත්‍ය රවි කරුණානායක මහතාට බැඳුම්කර කොමිසමට පැමිණීමට හැකියාව ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මීට පෙර දින කොමිසමට දැනුම් දුන්නේය.
එමෙන්ම අමාත්‍ය රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වන ලෙස දැනුම්දීමේ වගකීමද ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මීට පෙර දින බාර ගත්තේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කොට ඇත්තේ රවි කරුණානායක මහතාය.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතා කටයුතු කරනු ලැබීම හා ඔහුගේ සම්බන්ධතා පිළිබඳව කොමිසමේදී හෙළි වීම නිසා ඒ පිළිබඳ විමසීමට මෙන්ම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳප්රශ්න කිරීම සඳහා වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යධුරය හොබවන රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට කොමිසම ගත් තීරණයක් හේතුවෙන් ඔහු මෙලස කොමිසමට පැමිණීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

