පසුගිය ජනාධිපතිවරණ සමයේ කාන්තාවකට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ සහ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) යන මහත්වරුන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අද (21) නියෝග කළාය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී උනවටුණ මහරඹ ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි කාන්තාවකට අප්‍රසන්න ලෙස, ලැජ්ජාවන පරිදි බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.