(UPDATE) 12.32 PM
කොළඹ නිදහස් මාවතේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල මහතා පොලිස් ඇප මත නිදහස් කිරිමට කටයුතු කළේය. ඔහුට එළැඹෙන 27 දා කොළඹ අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද නියෝග කළේය.
කොළඹ නිදහස් මාවතේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල මහතා අද (22දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ රමිත බීමත්ව සිටින්නට ඇති බව පොලීසිය සැකකරයි. ඒ අනුව බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඒ බව සනාථ කර ගැනිම සඳහා රමිතව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන බවත්, අනතුරින් කිසිවෙකුට හානි වී නොමැති බවත් පොලීසිය පවසයි. රමිත හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුතාද වෙයි.