විශේෂිත නියෝජිතයෙකු ලෙස ඊයේ (07දා) දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු උපජනාධිපති සිරිල් රම්ෆෝසා මහතා සමග බලය බෙදීමට අදාළව රජය සාකච්ඡා කළහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාඅවධාරණය කළේය.
රජයේ මතය ඉදිරිපත් කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ විදේශ කටයුතු නියෝජිත අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන් මෙය සාමාන්‍ය සංචාරයක් බවට පවසා ඇති බැවින් තමන් දැනට කලබල නොවන බවද වීරවංශ මහතා පවසා සිටියේය.