මුස්ලිම් ජනයාගේ අවුරුදු දිනය ලෙස සලකන රමලාන් උත්සවය අදට (29දා) යෙදී තිබේ.
ඒ අනුව මාසයක කාලයක් පුරාවට උපවාසයේ යෙදී සිටි ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී එම උපවාසය අත්හැරීමට නියමිතය.
උපවාසය අත්හරිනු ලබන්නේ නව සඳ බැලීමෙන් අනතුරුවය.
මෙලෙස උපවාසයේ යෙදීමෙන් ඉවසීම, අන්‍යන්ගේ දුක තේරුම් ගැනීම, ධනය බෙදා ගැනීම පිළිබඳ වැටහීම ලැබෙන බව ඉස්ලාම් දහම පෙන්වාදෙන අතර, එක් දිනක් හෝ උපවාසයේ යෙදීමෙන් දිව්‍යමය සම්පත් ලැබෙන බව අල් කුරානය පෙන්වාදෙයි.