රබර් ආනයනය කිරීමේදී අයකරන සොච්චම් බදු මුදල නිසා මෙතෙක් රබර් කිරි සහ රබර් ෂීට් කිලෝවකට නියම වී තිබූ රුපියල් පන්සියයත්, හයසියයත් අතර මිල ප්රමාණය මේ වනවිට රුපියල් 244 දක්වා අඩු වී තිබෙන බවත්, මේ නිසා ඔට්ටපාලු කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් රබර් කර්මාන්තයද විනාශවෙමින් යන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.