(VIDEO) මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණියේ ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට කරන පරීක්ෂණ යට ගැසීමේ අරමුණින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ බව පැවැසුවේ වවුනියාව බෝගස්වැව නාමල්ගම ප්රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
"මහින්ද මහත්තයා දේශපාලනයට ආවේ ඇයි. රාජපක්ෂ මහත්තයාත්,රාජපක්ෂ මහත්තයාගේ පවුලත්,රාජපක්ෂ මහත්තයා වටේ හිටපු කල්ලියත් මහජනයාගේ දේපළ කෝටි ප්රකෝටි ගණන් හොරකම් කළා. ඒ හොරකම් ගැන පරීක්ෂණ ගණනාවක් දියත්වෙලා තිබෙනවා. මේ පරීක්ෂණ යටපත් කිරීමේ අරමුණින් තමයි රාජපක්ෂ මහත්තයා දේශපාලනයට එන්නේ.
බුලත් කොළයට විරුද්ධව කාටද ජන්දය දෙන්නේ. රනිල් මහත්තයාටද? රනිල් මහත්තයා ඊට හපන්. හැබැයි රනිල් මහත්තයා මොකවත් කරේ නෑ.අර මහ බැංකුවේ මහා මුදල් ගනුදෙනුවක් වුණා. පාඩුව කෝටි 4200 යි. දැන් රනිල් වික්රමසිංහ මහත්තයාගේ පළමු ගේම කොහොමද ? මම දැක්කා පෝස්ටරයක් ගහලා තිබෙනවා. මුල පිරුවා විතරයි කියලා. අප්පච්චියේ මුල පිරිල්ල එහෙමනම් ඉස්සරහට කොහොම වෙයිද?"
VIDEO