අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ අසනීපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැතැයිසම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
'ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් තියෙනවානම් අග්‍රාමාත්‍යධුරය වෙනස්කිරීමේ හැකියාවක් තිබෙනවාද?' යැයි මාධ්‍යවේදියා විමසීය.
ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“නැහැ එහෙම අවශ්‍යතාවක් නැහැ. එහෙම අසනීපයක් ජනාධිපතිතුමාට නැහැ.යහපාලන ආණ්ඩුව ඉදිරියට කරගෙන යනවා" යැයි කියා සිටියේය.