රන්මිණිතැන්න සුදු අලියෙක්
(GRAPHIC) රන්මිණිතැන්න සුදු අලියෙකු වී ඇති බවත් කලාකරුවන් විසින් එය භාවිත නොකරන නිසා වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමුකරන බව සම කැබිනට් ප්‍රකාශක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ සිදුකරන කිසිදු ප්‍රචාරයක සත්‍යතාවක් නොමැති බවත්, රන්මිහිතැන්න දුර වැඩි බව පවසමින් කලාකරුවන් එහි නොයන බවත් කරුණාතිලක අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම රන්මිහිතැන්න විකුණනවා යැයි බොරු ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එය භාවිත කළ හැකි බවද පැවසූ අමාත්‍යවරයා, "රන්මිහිතැන්න භාවිත කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. කොළඹට දුරින් මේක හදලා තියෙන්නෙ විවිධ පුද්ගලයන්ගෙ චරිත පුම්බාගන්න. දැන් රන්මිහිතැන්න සුදු අලියෙක්. අපි හදන්නෙ ජනතාවට බරක් නොවන ආකාරයට එය පවත්වාගෙන යන්න. මේ ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන්න එපා" යැයි කීය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
