රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට දුරකථනයෙන් අපහාසාත්මක ලෙස ආවේගශීලීව දෝෂාරෝපණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයා පෙබරවාරි 03 වැනිදා සිකුරාදා වනවිට සමාව ගෙන ප්‍රතිචාර නොදක්වන්නේ නම් එදින විධායක කමිටුව රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
එහි ලේකම් සුනිල් ගලගම මහතා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා සුහද හා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවද රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රතිචාර නොදැක්වීම ගැටලුවක් බවයි.
මේ සම්බන්ධව ඊයේ (30දා) දිනයේදී ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා මුණගැසී සාකච්ඡා කළ බවත්, ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියද සහභාගි වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියට රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් පසුගියදා දුරකථනයෙන් අපහාසාත්මක ලෙස ආවේගශීලීව දෝෂාරෝපණය කිරිමේ සිද්ධිය නොවිය යුත්තක් බවත්, රන්ජන් රාමනායක මහතා අතින් වරදක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයිද ලේකම්වරයා පවසා සිටියේය.