දිවුලපිටියේ ප්‍රාදේශීය ලේකම්වරිය හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර පැවැති දුරකථන සංවාදය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.
අමාත්‍යවරයා දුරකථනයෙන් එල්ල කරන ලද තර්ජනය සමස්ත රාජ්‍ය සේවාවටම එල්ල කරන ලද තර්ජනයක් බවත් එබැවින් ඒ පිළිබඳව ජනපතිවරයා හා අගමැතිවරයා මැදිහත්ව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම සංගමය අවධාරණය කර සිටියි.
අද (3දා) නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය තවදුරටත් පැවැසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමාව ගත යුතු බවයි.