අධිකරණයට හා විනිසුරුවන්ට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (21දා) නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. ඔහු එම නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වෙයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අධිකරණයට පැමිණියේය.