දිවුලපිටිය කෝපිවත්ත ගල්වලේ ගල් කැඩීමේ බලපත්‍රය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වුවත් අද (9 දා ) දහවල් 12.00 වනතුරු එහි ගල් කැඩීම සිදුව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
එසේම පසුගිය කාලයේ නීත්‍යනුකූල අන්දමින් පර්චස් දහයකට අවසර ගෙන පර්චස් හතිළිහ පනහ තරමේ කොටස්වල කලු ගල කැඩීමෙන් රජයට ලැබිය යුතු රාජ්‍ය භාගය වශයෙන් විශාල මුදලක් අහිමිව ඇති බවත් එම මුදල් නැවත ලබාගැනීමට බලධාරීන් වහා පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය.
රාමනායක මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා විසින් කෝපිවත්තේ පුද්ගයන් 14 දෙනෙකුට ගල් කැඩීමට රාමනායක මහතා මැදිහත්වූ බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමට එහි ගිය අවස්ථාවේදීය.
නියෝජ්‍ය ඇමතිවරයා අද (9දා) දහවල් කෝපිවත්ත ගල් වළ පරීක්ෂා කිරීමට පැමිණෙන බවට ආරංචිය ලැබීමෙන් පසු ගල් කැඩීමේ යෙදුනු පිරිස් ඉවත්ව ගොස් එම ස්ථානයේ ගේට්ටුවලට ඉබි යතුරු දමා තිබුණි.
එම ස්ථානයට පැමිණි ඇමතිවරයා වසා දැමූ ගේට්ටුව සමීපයේ සිට ප්‍රකාශක් කළ අතර පසුව ගල් වළ පිරික්සීමටද ගියේය.
"ඉන්දික මන්තී‍්‍රතුමා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවාවෙලා මට විරුද්ධව අභූත චෝදනාවක් කළා. මම රුපියල් ලක්ෂ 140 ක් ගත්තා කිව්වා. මේ චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිත් කරන්න කියා මම අභියෝග කරනවා. එම මුදල දුන්නා කියන පිරිස දැන් මෙතන ඉන්නවා. මට මුදල් දුන්නාද මම කප්පම් ගත්තාද කියා ඒ අයගෙන් දැන් අහන්න පුළුවනි.
සොබාදහමට වින කරන අයට සොබාදහම දඬුවම් දෙනවාමයි. හෙන ගහනවාමයි. මම වුණත් සොබාදහම විනාශ කළානම් හෙන ගහන්න ඕනෑ. ඒ බව මම දන්නවා. මේ ගල් වළේ අද දවල් 12.00 වෙනකම් ගල් කැඩුවා. නිලධාරීන් බලන්නේ නැහැ. ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් මගින් භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයට ගිහින් මේ බලපත්‍ර ගන්න ඕනෑ. නමුත් සමහර ග්‍රාම නිලධාරීන්ට ටිපර් තුන හතර තියෙනවා. ඒ අයත් පස් අදිනවා. ගල් අදිනවා. ඉතින් නීතියක් ක්‍රියාත්මක වෙයිද?"