රුපියල් ලක්ෂ 45ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඇත්දළ යුගලක් පුත්තලම මූලස්ථාන පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අද (28දා) පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු හා ඇත්දල යුගල ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට ගත් ඇත්දළ යුගලේ උස අඩි පහකට ආසන්න වන අතර, එක් ඇත් දළයක බර කිලෝග්‍රෑම් විසිපහකට ආසන්න බව පොලිස් නිලධාරීහු පවසති. දින කිහිපයක් තිස්සේ පොලිස් උපාය දූතයන් යොදවමින් මෙම ඇත්දළ යුගල මිලදීගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබිණි.
මෙම ඇත්දළ යුගල සඟවාගෙන සිටි ප්‍රධාන සැකකරු පුත්තලම නගරයේ ප්‍රසිද්ධ රන්භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙකු බවත්, ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මෙම ව්‍යාපාරිකයාගේ අතරමැදි තැරැව්කරුවෙකු වන අතර මොවුන් දෙදෙනාම දමිළ ජාතිකයන් බවත් පොලීසිය කියයි.