රන් නිසා ඉන්දියාවේදී සිවු දෙනෙක් අත්අඩංගුවට
- 28 04 2014
- 08:49
- {{hitsCtrl.values.hits}} views
- . .
නීතිවිරෝධී අයුරින් රන් ආභරණ රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෝ සිවු දෙනෙක් අවස්ථා දෙකකදී ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව සිටිති.
මුස්ලිම් කාන්තාවන් තිදෙනෙක්
මුස්ලිම් කාන්තාවන් තිදෙනෙක් පසුගිය සෙනසුරාදා අලුයම 2.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ කෙම්පෙගොවුඩා ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව නීතිවිරෝධී අයුරින් රන් රැගෙන ඒමේ වරදට ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් සන්තකයේ රන් කිලෝ ග්‍රෑම් 1.169ක් තිබී සොයාගෙන ඇත.
කටින් රන් රැගෙන යන්න බැරිවෙයි
ග්‍රෑම් 360ක් පමණ බරැති, ඉන්දියානු රුපියල් ලක්ෂ 11ක් වටිනා රන් තම මුව තුළ රැගෙන ගිය ශ්‍රී ලාංකිකයෙක් තිරුවනාතපුරම් ගුවන්තොටුපොළේදී ඊයේ (27දා) අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු දිගින් දිගටම ඉන්දියාවේ සංචාරය කර ඇති බවද අනාවරණය කරගෙන තිබේ.
ද හින්දු ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

