රථවාහන දඩ ගැන වාර්තාව 10 දා කැබිනට් මණ්ඩලයට
රථවාහන වැරදි 07 ක් සම්බන්ධයෙන් දඩ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ අවසන් වාර්තාව මේ මස 09 වැනිදා සකස් කිරීමට නියමිතය. ඉන්පසුව එම වාර්තාව 10 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ලබාදීමට නියමිත බවද වාර්තාවේ.
රථවාහන වැරදි 07 ක් සම්බන්ධයෙන් රුපියල් 25,000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට රජය පසුගිය කාලයේ තීරණයකළ අතර, එම තීරණයට ත්‍රි‘රෝද රථ සංගම්, බස් සංගම් හා වෙනත් ප්‍රවාහන සංගම් දැඩි විරෝධතාවක් එල්ල කළේය. මීට අමතරව නොවැම්බර් 02 වැනිදා බස් රථ හා ත්‍රිරෝද වැඩවර්ජනයක්ද දියත් කළේය.
මේ නිසා අදාළ දඩ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්, බස්නාහිර පළාත් භාර උසස් පොලිස් නිලධාරියෙකු සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නියෝජිතයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කෙරිණි.
මේ අනුව එම කමිටුව විසින් මේ සම්බන්ධ සියලුම පාර්ශ්වවලින් කරුණු විමසීම හා යෝජනා ලබාගෙන තිබෙන අතර, මෙම අදහස් ඇතුළත් අවසන් වාර්තාව මේ මස 05 වැනිදා සකස් කිරීමට නියමිතය.
මෙලෙස සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ යෝජනා හා නිර්දේශ සාකච්ඡා කර දඩමුදල් ඉහළ දැමිය යුතු ආකාරය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය. මෙම තීරණයට අනුව මෝටර් රථ ආඥාපනත සංශෝධනය කර නව දඩ මුදල් ක්‍රියාත්මක කිරීමටද රජය සැලසුම් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
