ඌවේදී බලය ගිලිහෙමින් තිබෙන නිසා වියරු වැටුණු සන්ධාන ආණ්ඩුව රතු රෙද්දක්, රතු කොඩියක් ඇස ගැටුණ විගස ගොනෙකු සේ කලබල වී ඇනගෙන ඇනගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ඌවේදී බලය ගිලිහෙමින් තිබෙන නිසා වියරු වැටුණු සන්ධාන ආණ්ඩුව රතු රෙද්දක්, රතු කොඩියක් ඇස ගැටුණ විගස ගොනෙකු සේ කලබල වී ඇනගෙන ඇනගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රතු රෙදිවලට, රතු කොඩිවලට ඇනගෙන ගියද මැතිවරණ ප්රතිඵලවලදී ආණ්ඩුවට පස්ස බිම ඇනගැනීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව එම පක්ෂයේ ප්රචාරක ලේකම්විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඊයේ (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, පරාජයේ පෙර නිමිති දැක වියරුවට පත් වූ සන්ධාන ආණ්ඩුව මැරයන් යොදාගෙන ඌව පළාත තුළ භීෂණය ඇති කිරීමට අමතරව රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය වාහන යොදාගෙන මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන බවයි.