රත්මලාන දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්රික ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු ආදේශක සේවකයින් වසර 05 ක් ගතවුවද, ස්ථිර සේවකයින් ලෙස පත්වීම් ලබානොදීමට එරෙහිව අද (08) රත්මලාන බෙලෙක්කඩේ හන්දියේදී උද්ඝෝෂණයක නිරත විය.
මෙම උද්ඝෝෂණයට සේවක සේවිකාවන් 2000 ක පිරිසක් සහභාගීවූහ. වසර 05 ක් ගතවුවද මෙතෙක් කිසිදු සේවක සේවිකාවක් හට ස්ථිර පත්වීම් ලබාදී නොමැති බවත්, පසුගිය 05 වැනිදා තවත් සේවකයින් 800 ක් බඳවාගෙන ඇති බවත්, පරණ සේවකයින්ට නිලධාරීන් විසින් කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත් උද්ඝෝෂකයින් පැවසීය.