සිය පාර්ලිමේන්තු දිවියට වසර 54ක් සපුරන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (19දා) පාර්ලිමේන්තුවේදී තම සුබපැතුම් පිරිනමන ලදී.
මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කාරක සභා රැස්වීම සඳහා සහභාගි වීමට පාර්ලිමේන්තුවට ගිය ජනාධිපතිවරයා, ඉන් අනතුරුව සභා ගර්භයට පැමිණ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙත තම සුබ පැතුම් පළ කර සිටියේය.
ඒ සමගම විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන්ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වෙත සුභාශිංසන පළ කර සිටියහ.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේද අද වැනි මාර්තු 19 වැනිදාවකය.