රත්නපුර, කෑගල්ල දිස්ත්රික්කවලට ගෙවීගිය පැය 24 තුළදී මිලිමීටර් 100 ඉක්මවා වැසි ඇතිවී තිබෙන නිසා හෙට (09දා) රාත්රී 7.00 දක්වා එම දිස්ත්රික්ක දෙකට නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්රික්ක දෙකේම කඳු ආශ්රිත ප්ර‘දේශ නායයෑමේ අවදානමකුත් පස් කණ්ඩි කඩාවැටීම ගල්පෙරළීම අවදානමකුත් ඇතිවී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ නිසා කඳුකර ප්රදේශවලින් එකවර ජල උල්පත් ඇතිවනවානම් හෝ පොළොවේ ඉරිතැලීම් හා ගස්, කණු ඇලවී යනවානම් හෝ ගොඩනැගිලි ඉරිතැලීම සිදුවනවානම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.