රත්ගම SLFP සංවිධායක ඉල්ලා අස්වේ
රත්ගම මැතිවරණ කොට්ඨාසයේ වසරක කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කළ දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
මේ ආකාරයට ඉල්ලා අස්වන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් හෙතෙම පෙන්වා දී ඇත.
තමා මේ ආකාරයට ඉල්ලා අස්වන්නේ පුද්ගලික හේතුවක් මත මිස වෙනත් හෙතුවක් මත නොවන බවද එම ලිපියේ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දකුණු පළාත් සභාවට සරත් ෆොන්සේකා මහතා නියෝජනය කළ ඒ මහතාගේ පක්ෂයෙන් පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී කුරවගේ මහතා තේරී පත්විය. පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ගත් හෙතෙම වසරක කාලයක් රත්ගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරය දැරීය.
ගුරුවරයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක් වන හෙතෙම මෙයට, පෙර දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකු වූ අමරසිරි දොඩංගොඩ මහතාගේ ජයග්‍රහණය සඳහා කටයුතු කළ පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.
නිමල් අල්ගෙවත්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

