පසුගිය 25 වැනි දින සිට නිවසින් අතුරුදහන්ව සිටි රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ සිසුවෙකු වූ ඉමේෂ් ශ්‍රීමාල්ගේ (15) මළසිරුර අද (29දා) ගිංතොට මෝයකටේ තිබී සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
බූස්ස රුපීවල පදිංචිව සිටි ශ්‍රීමාල් පසුගිය 25 වැනි දින පාසැල් ගොස් පැමිණ සවස උපකාරක පන්තියට ගොස් තිබුණි.එහෙත් ශ්‍රීමාල් ආපසු නිවසට නොපැමිණි නිසා ඔහුගේ දෙමාපියන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ගිංතොට දුම්රිය පාලමේ කණුවක එල්ලා තිබියදී මොහුගේ පාසැල් පොත්බෑගය සොයායාගත් අතර අම්මේ,තාත්තේ මට සමාවෙන්න යනුවෙන් ලියූ ලියුමක්ද බෑගය තුළ තිබී සොයාගැනීමට පොලිසියට හැකිවිය.මොහු ගගට පැන සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.මියගිය සිසුවාගේ මරණ පරික්ෂණය අද (29) පැවැත්වීමට නියමිතව ඇත.
සටහන සහ ඡායාරූප - ගාල්ල රවිදු දීයගහගේ