මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ තීරණය කර තිබේ. තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලැබුණහොත් එය පිළිගන්නා බව උන්වහන්සේ පැවැසූහ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එක්සත් යහ පාලන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට නාමයෝජනා අත්සන් කරන ලදී.
ජාතික හෙළ උරුමය එක්සත් යහපාලන පෙරමුණ යටතේ කොළඹ, කලුතර, කෑගල්ල, අනුරාධපුර හා ගම්පහ දිස්ත්රික්කයන්ට තරග කිරීමට තීරණය කර තිබේ.