ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සකස් කර ඇත්තේ රටට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතුවී බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ මොහොතේදී අවශ්‍ය කරනුයේ අහිතකර කොන්දේසි ඉදිරිපත් කිරීම නොවන බවත්, එවැනි කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් රට අනතුරේ දැමීමක් සිදුකර ඇති බවත් හෙතෙම කීය.
රතන හිමියන් වටා සිටින රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ අතීතය විමසා බැලීමේදී ඔවුන් රටට හතුරු ක්‍රියාවල යෙදී සිටි පිරිසක් බව පැහැදිලි වන බවත්, උන්වහන්සේ ප්රමුඛ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වුවද ජනතාව එහි හරි වැරැද්ද තීරණය කරනු ඇති බවත් මහලේකම්වරයා පවසා සිටියේය.