ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට විශාල කාර්යභාරයක් කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහ මැතිවරණය සඳහා එක්සත් යහපාලන ජාතික පෙරමුණෙන් තනිවම තරග කිරීමට තීරණය කර තිබෙන බව 'අද' ට වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා චෝදනා එල්ලවූවන් පිරිසකට නාමයෝජනා ලබාදීම නිසා එම සන්ධානයෙන් ඉවත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ අමාත්‍ය චම්පික රණවක මහතා එක්සත් යහපාලන ජාතික පෙරමුණ යටතේ තනිව තරග කිරීමට තීරණය කර තිබේ.
එම පක්ෂය වෙනුවෙන් මේ වනවිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙනුවෙන් නාමයෝජනා සකස් කිරීම මේ වනවිටත් අරඹා තිබේ.
ඒ යටතේ සෑම දිස්ත්‍රික්කයකම ඉංජිනේරු, වෛද්‍ය වැනි වෘත්තීයවේදීන්ට වැඩි අවස්ථාවක් දීමට සැලසුම් කර තිබෙන අතර, පරිසරය රැකගැනීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කරන හා සමාජයට වැඩදායී පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීමටද සැලසුම් කර ඇත.