මැක්ස්වෙල් පරණගම කොමිසම යුද්ධයට සම්බන්ධ වූ සියලු රණවිරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙන බැවින් නැවතත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙයක් නොමැති බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පරණගම කොමිසමේ වාර්තාව ඉදිරියේදී එළිදක්වන බවයි.
එවිට රණවිරුවන්ගේ කීර්ති නාමයට එල්ලවන කැළල මකා දැමීමට හැකිවනු ඇතැයි හෙතෙම පවසා සිටියේය.