රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ වීරෝධාර සේවය හෑල්ලූවට ලක් කිරීම සහ අවමන් කිරීම තරයේ හෙළා දකින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මිහිඳු සෙත් මැදුරේ පැවති රණවිරු සත්කාරක වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
“අද බොහේ දෙනෙක් මේ දිනය ගැන විවිධ විවරණ ලබාදුන්නත් මේ දිනය කිහිප අතකින්ම ශ්‍රීලංකාවට ඓතිහාසිකයි. අපේ ජනතාවට බිය සැක නැතුව මහපාරේ යන්න, දරුවන් පාසැල් යවන්න, ගොවි බිමේ වැඩ බිමේ සේවය කරන්න, කාර්යාලවල, ව්‍යාපාර කටයුතුවල නිදහසේ නිරත වෙන්න, පරිසරය නිර්මාණය වුණේ මීට දශක නවයකට පෙරයි. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ වීරෝධාර සේවය යමෙක් හෑල්ලූවට ලක්කරනවා නම්, ඊට අවමන් කරනවා නම් ඊට විරුද්ධවීමේ අයිතිය ඊට එරෙහි වීමේ අයිතිය අප සතුයි.
හුග දෙනෙකුට අමතකයි ඉන්දියන් හමුදාව යාපනයේ සිටින විට යාපනයේ සිංහල වැසියා ඝාතනය කළ වග. අද ඒ යාපනය නගරය අපි සංවර්ධනය කරනවා. එදා ඒ යාපනයේ එදා ඉතුරුවෙලා තිබුණු ලයිට් කණුවල තමයි අන්තිම සිංහලයෝ ගැටගහලා තිබුණේ. ඒත් කිසිදු සිංහලයෙක් අහලා නැහැ ඇයි සිංහල ජනතාව පන්නපු උතුරට ඇයි අපි සල්ලි දෙන්නේ කියලා. අපි හැමෝම ඒ උතුර ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කලා.
2010 දී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 12,260ක් කිසිදු වගකීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළා. එහි පාපය අපිට දැන් ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ආරක්ෂක අංශවල සාමාජිකයන් වරදක් කළා නම් සිදුකරනු ලැබුවේ ඒ අයගේ පෞද්ගලික වුවමනාවන් මත නොවෙයි. ඒ අයගේ ඉහළ නිලධාරීන්ගේ නියෝගයන් මතයි. නමුත් එම අණදෙන නිලධාරීන් නිදහසේ සිටින විට අණ ක්‍රියාත්මක කළ අපේ හමුදාවේ නිලධාරීන් සිරගතව සිටිනවා.
විශේෂයෙන් උතුරේ නැවතවතාවක් ප්රභාකරන් වීරාභිවාදනයට ලක්කර නැවත වතාවක් රට අඳුරට දක්කන්න සුලු පිරිසක් අත්තනෝමතිකව ක්‍රියාකරගෙන යනවා.
අද සංවාදයක් මතුවෙලා තියෙනවා කවුද වැරදිකරුවන් කවුද නිවැරදි කරුවන් කියලා. වැලිකඩ සිරකරුවන්, ජවිපෙ, එල්ටීටීඊයේ, ආරක්ෂක හමුදාවලයි මොකක්ද වෙනස කියලා ජනතාව අහන තත්ත්වෙට පත්වෙලා. අපි හැමෝම දන්නවා ආරක්ෂක හමුදාව තියෙන්නේ රට රකින්න. ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් ආණ්ඩුව පදනම් වුණු ව්‍යවස්ථාවක් අනුව රටේ එකීයභාවයත් රටේ සාමයත් ආරක්ෂා කරනවා. ආරක්ෂාව තමයි ප්‍රමුඛම කාරණය. ආරක්ෂාව නැතිව අනෙක් කිසිවක් ගොඩනැගෙන්නේ නැහැ. ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන්ට අපි කවුරුත් අනුමැතිය ලබා දී තිබෙනවා.”