සෑම පළාත් පාලන ආයතනයකටම රණවිරු පවුල්වල කාන්තාවකට අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු වූ බව ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය සඳහන් කරයි.
මේ අනුව ලයිස්තු ක්‍රමය යටතේ ලැබෙන ප්‍රතිශතයට රටට වැඩක් කළ හැකි කාන්තාවක් නම් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව මැතිවරණයට තරග කිරීම සඳහාත් අපේක්ෂක ප්‍රතිශතයක් ලැබෙන බවත්, ඒ සඳහාත් කාර්යශූර කාන්තාවන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.