අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාන්ගේ අවසන් කටයුතු සිදුවූ දිනයේදී රණ මයුර සම්මානය සොරකම් කිරීමේ සිදුවීමට සබන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන් 06 දෙනා එළැඹෙන 21 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අලුත්කඩේ අංක 9 මහේස්ත්රාත් අධිකරණය අද (07දා) නියෝග කළේය.
සැකකරුවන් අද දිනයේදී බම්බලපිටිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අතරින් දෙදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.