දූෂිත පාලනයට හා ඌවේ දේශපාලන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාව දැක්වීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් ඊයේ (25දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පවත්වනු ලැබිණි.
මෙහිදී අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසුවේ රටේ දූෂණය පළවාහැරිය යුතු බවයි. රට සූරාකන පාලකයන් බොරු සංවර්ධනයක් පිටුපස සිට ජනතාව රවටමින්, දූෂණයෙන් මුදල් පොදි ගසමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
“රටේ අවනීතිය රජ කරනවා. ජනතාවට යුක්තිය සාධාරණය නැහැ. නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව හැමදාම ආරංචි වෙනවා. අනිකුත් මැතිවරණ වගේම ඌවේ මැතිවරණයත් දූෂිත අන්දමින් පවත්වාගෙන යන බව අපට දැන් පැහැදිලි වී තිබෙනවා.
මෙම දූෂිත පාලනය පළවාහැර ප්රජාතන්ත්රවාදය උදාකිරීමට එක්වන ලෙස ජනතාවට මම ආරාධනා කර සිටිනවා* යැයිද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.