රටවිරුවන්ට වන්දි දෙන්න මුදල් ඉල්ලලා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් යැයි හඳුන්වාදෙමින්, රක්ෂණ වන්දි මුදල් හිමි බව ප්‍රකාශ කර එය ලබාගැනීමට යම්කිසි මුදලක් කාර්යාංශයේ තැන්පත් කළ යුතු බව පවසා, කූට ලෙස මුදල් හා රන් භාණ්ඩ වංචා කරන පිරිසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
විදේශ රැකියාවේ නිරතවන පුද්ගලයාගේ මෙරට ලිපිනය සොයාගෙන, එම නිවාස වෙත ගොස් ව්‍යාජ ලෙස සකස්කළ හැඳුනුම්පත්ද භාවිත කරමින්, විදේශගතව සිටින අයට වන්දි හිමි වී ඇති බව ප්‍රකාශ කර, එම මුදල් ලබාගැනීමට තාවකාලික තැන්පතුවක් ලෙස රුපියල් 20,000 ක් හෝ ඊට වැඩි මුදලක් මොවුන් ඉල්ලා සිටින බවත්, මුදල් නොමැති නම් රන් භාණ්ඩ හෝ ලබාදෙන ලෙසත් මෙම පිරිස සඳහන් කරන බව කාර්යාංශය සඳහන් කරයි.
එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බවත්, එවැනි පුද්ගලයන් හෝ සංවිධාන කිසිවකටත් මුදල් එකතු කිරීමට හෝ එවැනි පුද්ගලයන්ට නිවාසවලට ඇතුළුවීමට බලය ලබාදී නොමැති බවත් කාර්යාංශය අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

