රට හදන්න අලුත් ආණ්ඩු අවශ්‍ය නැහැ
කිසිවෙකු තමා සමග එක්ව අලුතෙන් ආණ්ඩු සෑදීමට අවශ්‍ය නොවන අතර, තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඒ සියල්ලගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අනාගත බලය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියල්ලන්ම සිදුකරන ප්‍රකාශ පුහු ඒවා බවත්, ඒසියල්ල සමාජ විරෝධී ප්‍රකාශ ලෙස තමා දකින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එවැනි පුහු ප්‍රකාශවලින් තොරව රටේ සැබෑ ප්රශ්නය තේරුම්ගෙන එය විසඳීමට සියල්ලන් එක්විය යුතු කාලය පැමිණ ඇති බවත්, පක්ෂ දෙකක් එක්ව ආණ්ඩු කිරීම විචේචනය නොකළ යුතු බවත් ජනාධිපති සිරිසේන මහතා පැවසීය.
ජනාපති දෙවැනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අද(08දා) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතිකඅනුස්මරණසම්මන්ත්රණශාලාවේ පැවැති තිරසරයුගයකතෙවසරඇරඹුම ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේබව කීවේය.
“මගෙත් එක්ක කවුරුවත් අලුත් ආණ්ඩු හදන්න අවශ්‍ය නැහැ. ඒහැමටම මම කියන්නෙ මේ තියෙන ආණ්ඩුව සමග එකතුවෙලා රට ගොඩනගන්න ඉදිරියට යමු කියලා මම ආයාචනා කරනවා. ආණ්ඩු පෙරළන හිස් බස් පසුපස යාමට අවශ්‍ය නැහැ, අපට ජනතාව බාරදුන්නු කටයුතු කරමු. යැයි ජනාධිපතිවරයා කීවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

