රට විනාශයට පත්වීමට ප්‍රධාන හේතුව දේශපාලන ක්‍රමය බවත්, ප්‍රශ්ණ සඳහා දේශපාලනය නොගෙන එන ලෙසත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේය.
අත්‍යාවශ්‍ය සේවා මහජන පනත් කෙටුම්පත් යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අද (27දා) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳව තමා පෞද්ගලිකව විරෝධය දක්වන නමුත් ඇතැම් ආයතන තුළට පෞද්ගලික ආයෝජන ගෙනිත් සංවර්ධනය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය
ඇතැම් වෘත්තීය සමිති නායකයින් දේශපාලන අතකොළු බවට පත්ව ඇති බවත් හම්බන්තොට තෙල් ටැංකි සංස්ථාවට අයත් නැති බවත් ඔහු පැවැසීය.