මේ අවස්ථාවේදී රට බේරාගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැර බලය ඇති වෙනත් පුද්ගලයෙකු නොමැති බව පැපිලියාන සුනේත්රාදේවී පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා රටට හිතවත්ව වැඩ කරන්නේ නම්, ඔහු සමග එකතු වීමට තමන් වහන්සේලා සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
'එළිය' සංවිධානය විසින් කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී අද (07දා) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩිදුටරත් සඳහන් කළේ, පුද්ගලයෙකු අඳින පලඳින ආකාරයට වඩා වැදගත් වන්නේ එම පුද්ගලයාගේ ක්‍රියාව බවයි.
සමහරුන්ට මහින්ද වලිප්පුව, රනිල් වලිප්පුව, මෛත්‍රීපාල වලිප්පුව සෑදී තිබෙන බවත්, එවැනි පෞද්ගලික වලිප්පුවලින් ඉවත්ව දේශපාලඥයන් රට වෙනුවෙන් වැඩකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
බෙදුම්වාදීන්ට හසුව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ද මුදවාගත යුතු බව එහිමියෝ පෙන්වා දුන්හ.
පසුගිය කාලය තුළදී ආණ්ඩුව ඉදිරිපත් කළ රටට අහිතකර එක පනතක් හෝ ආපස්සට හැරවීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නොහැකි වූ බවද අභයතිස්ස හිමියෝ පවසා සිටියහ.