රට බෙදීමට උත්සාහයක් ඇති බවට ඒකබද්ධ විපක්ෂය විසින් පවසන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යය බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.
රටේ සියලුම ජනතාවට සාමය උදාකිරීමට කැපවිය යුතු බවත්, නොබෙදුණු නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවැතිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
අයවැය විවාදයට එක්වෙමින් අද (16දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළේය.