අද රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සමාගම විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
බදු වැඩිකිරීම්,බදු නිදහස්කිරීම්,දේපොළ විකිණීම් ඇතුළු සියලු මූල්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කරන මෙම සමාගම් කිසිකෙනෙකුට ඇහුම්කන් නොදෙන සියලු බලතල සහිත අධිබලැති පෞද්ගලික සමාගමක් බවට පත්කොට මේ රටේ සියලු දූෂිත අක්‍රමිකතා කටයුතු සිදුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම සමාගම බැංකු,මූල්‍ය වංචා සම්බන්ධයෙන්,දේපොළ විකිණීම සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලන බවත්, රටේ අධිකරණය,නීතිය බලනොපාන මෙම සමාගම රටේ විධායකය,ව්‍යවස්ථාදායකය ගණන් නොගන්නා බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමාගමේ සභාපතිවරයා වශයෙන්ද,මලික් සමරවික්‍රම මහතා විධායක නිලධාරියා වශයෙන්ද, පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන මහත්වරුන් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.