තමිල්නාඩු ප්‍රාන්ත රජයේ නියෝගය ප්‍රකාරව ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් නිදහස් කිරීම තවදුරටත් අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව තමිල්නාඩුවේ බොහෝ දෙමළ පක්ෂයන්හි නොසතුට පළවී තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
තමිල්නාඩුව විසින් රජිව් ඝාතකයන් නිදහස් කිරිමට ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව එරට මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ඊයේ (25දා) විභාගයට ගනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් මගින් ඝාතකයන් නිදහස් කිරීම තවදුරටත් කල්තබන ලදී.