රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට සහය දැක්වීමට පේරාදෙණිය හා රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් එක්වී තිබේ.
ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාකාරීන්ද එක්වීමට නියමිත බවරජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා පැවසීය.
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 28 දෙනෙකුට පැනවූවායැයි කියන අසාධාරණ පන්ති තහනම් 28ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් රජරට සිසුන් සත්‍යග්‍රහය ආරම්භකර ඇති අතර, එයට අදට (21දාට) දින 224ක් පිරේ.