ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය පරිපාලනය මඟින් ලබා දුන් බව කියන පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් අරම්භකර ඇති උද්ඝෝෂණයට අදට (01දාට) දින 174ක් වන බව ඔවුහු පවසති.
දින 174 ක කාලයක් තමන් මහ පාරේ රැඳී සිටිමින් ඉල්ලා සිටින අයිතීන් ලබා දෙනවා වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනය තවදුරටත් සිදු කරමින් සිටින්නේ ශිෂ්‍යයින් මර්දනය කිරීම හරහා මෙම අරගලය දියාරු කිරීම බවත්, කිසිඳු සාධාරණ ක්‍රියා පිළිවෙතකින් තොරව තවදුරටත් සිසු නායකයින් මර්දනය කිරීමේ ක්‍රියාවලියක විශ්වවිද්‍යාල පරිපාලනය නිරතව සිටින බවත් සත්‍යග්‍රහයේ නිරත සිසූහු පවසති.