මිහින්තලේ පිහිටි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් කාර්යාලයේ සිරකර තබාගෙන විශ්වවිද්‍යාලය තුළ කලහකාරී තත්ත්වයක් ඇතිකළ බවට චෝදනා මත මිහින්තලා සරසවියේ සිසු ක්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (02දා) රාත්‍රී 9.30 ට පමණ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදෙමින් සිටියදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් සිසුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 37 දෙනෙකු හඳුනාගෙන සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලීසිය පවසයි.