හෘද, පෙනහළු නිවේශක නිලධාරීන්ට වසර ගණනාවක සිට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරිම නිසා අද (27දා) උදෑසන 6.30 සිට රාජකාරියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ හෘද පෙනහළු නිවේශක සංගමය සඳහන් කරයි.
ගැටලුවලට විසඳම් ලබාදෙනතුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවත්, හෘද රෝග සැත්කම් කිරීමේදී රෝගී ජීවිතය පවත්වාගෙන යන්නේ තම නිලධාරීන්ගේ මැදිහත්වීම මත බවත් එම සංගමයේ සභාපති මංගල ජයසිංහ මහතා සඳහන් කළේය.
6/2006 වැටුප් චක්‍රලේඛය තුළින් ඇති වූ වැටුප් විෂමතා ඉවත් නොකිරීම, සමාන්තර ශ්‍රේණිවලට ලබාදෙන 3000 ක දීමනාව ලබානොදීම, 3/2016 චක්‍ර‘ලේඛය අනුව රාජ්‍ය සේවක දීමනාවෙන් රුපියල් 2500 ක් මූලික වැටුප එකතු නොකිරීම ආදී ගැටලු තම නිලධාරීන්ට ඇති වී තිබෙනබවද ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම බලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබෙන බවත්, මේ වසර තුළදී පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවස්ථා තුනකදී සාකච්ඡා පවත්වා තිබෙන බවත් මංගල ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා මේ මස 05 වැනිදා තම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බවත්, මෙම දැනුවත් කිරීමට අනුව හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
මානුෂීය හේතූන් මත හදිසි සැත්කම් සිදුකිරීමට සහයෝගය දක්වන බවද හෙතෙම සඳහන් කළේය.